Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙරට ප්‍රාථමික සත්කාර අංශය දියුණු කිරීම වෙනුවෙන් සහය දැක්වීමට ආසියානු සංවර්ධ බැංකුවේ අවධානය යොමුව තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන් මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතර පැවති සාකච්ඡාවකදීයි මේ පිළිබද සාකච්ඡාවට ලක්ව ඇත්තේ.

පිලිපිනයේ මැනිලා අගනුවර ආසියානු සංවර්ධන බැංකු මුලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.

මෙරට සෞඛ්‍ය පද්ධතිය නගාසිටුවීම සඳහා ඉහළ සහයක් ලබා දීමට මෙහිදි ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයින් ප්‍රකාශ කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරටට ලබා දෙන ආධාරවලට අමතරවයි මෙම සහය ලබා දීමට නියමිතව ඇත්තේ.

WhatsApp Group

Skip to content