Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති දෙවැනි 20යි 20 තරගයෙන් ලකුණු 77ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙම තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, අනතුරුව එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා කිරීමටයි විනිසුරුවන් තීරණය කළේ.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 17 අවසානයේ කඩුළු තුනක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 202ක්.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ලිටන් දාස් පන්දු 41දී හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් සමගින් වේගවත් ලකුණු 83ක් රැස් කළ.

මෙහිදී ලිටන් දාස් සිය අර්ධ ශතකට පන්දු 18දී වාර්ථා කළ අතර, එය බංග්ලාදේශ ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය වනවා.

මෙහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ මේවන විට බංග්ලාදේශ කණ්ඩායම තරග 2ට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content