ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය මැයි මස 9 වන දා දක්වා දීර්ඝ කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ නඩුව අද කොළඹ දිසා අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content