ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින් සදහා විශ්‍රාම වැටුපක් සකස් කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ස්වයං රැකියාවල නිරත වන අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බවත් දක්ෂතා ඇති සහතිකපත් නොමැති වෘත්තිකයන්ට සිය අමාත්‍යාංශය යටතේ කෙටි පුහුණුවකින් සහ පරීක්ෂණයකින් සහතිකපත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවයි.

ස්වයං රැකියාවල නිරත වන අයට විශ්‍රාම වැටුප් ලබාදීමේ වැඩපිළිවෙල මේ වනවිටත් මුදල් අමාත්‍යංශයට ඉදරිපත් කර ඇති බවයි අමත්‍යවරයා කියා සිටියේ.

ලක්ෂ 12 ක ජනතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content