රුසියාව විසන් යුක්රේනයේ මහල් නිවාස ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

නැගෙනහිර ඩිනිප්‍රෝ නගරයේ මහල් නිවාසයකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකුවත් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තට්ටු නවයකින් යුත් ගොඩනැගිල්ල ට එල්ලලා වූ ප්‍රහාරයෙන් දරුවන් 14 දෙනෙකු ඇතුළු 64 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කළා.

මේ වන විට ළමුන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 37 දෙනෙකු ගොඩනැගිල්ලෙන් මුදාගෙන තිබෙනවා.

මාස කිහිපයකින් පසුව රුසියාව එල්ල කළ දරුණුතම ප්‍රහාරය මෙය විය හැකි බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

කීව්, කාකීව් සහ ඔඩෙසා ඇතුළු තවත් නගර ගණනාවකට ද මිසයිල ප්‍රහාරවලින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

නගර කිහිපයක යටිතල පහසුකම් ඇනහිට ඇති අතර යුක්රේනයේ බොහෝ ප්‍රදේශවල සමනය කටයුතුව අවහිරව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මීට පෙර එක්සත් රාජධානිය ප්‍රකාශ කළේ රටේ ආරක්ෂාවට සහාය වීම සඳහා චැලෙන්ජර් යුද ටැංකි යුක්රේනයට යවන බවයි.

යුක්රේනයට තවත් ආයුධ සැපයීම රුසියානු මෙහෙයුම් තීව්‍ර කිරීමට සහ සිවිල් වැසියන්ට හානි කිරීමට හේතු වන බව ට රුසියාව ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියා.

WhatsApp Group

Skip to content