නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් ”රී යූනියන්” දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබෙනවා.

ගුවන් මගින් මෙරටට පිටුවහල් කළ අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

පසුගිය දෙසැම්බර් මස 2 වනදා බහුදින ධීවර යාත්‍රාවක් මගින් මීගමුව ප්‍රදේශයෙන් මෙම පිරිස නීතිවිරෝධීව සංක්‍රමණය වී තිබුනා .

දෙහිවල ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකු විසින් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 2 සිට මේ සඳහා මුදල් අය කරගෙන ඇති බවට ද අනාවරණය වී ඇති බව නාවික හමුදාව සදහන් කළා.

නීතිවිරෝධීව සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව 2022 වසරේ සිදුකළ මෙහෙයුම්වලදී යාත්‍රා 42ක් සහ පුද්ගලයින් 1,532 දෙනෙකු සිය භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content