ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවැනි හා අවසන් එක්දින තරගය අද ඉන්දියාවේ තිරුවානාන්තපුරම් හි දී පැවැත්වෙනවා.

ඒ දිවා රාත්‍රී තරගයක් ලෙසයි.

මෙම එක්දින තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1 .30 ට ආරම්භ කිරීමට නියමිතයි.

ඉන්දිය කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විටත් දෙකට බිංදුවක් ලෙස ජය ගෙන අවසන්ව තිබෙනවා .

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දිය තරග සංචාරයට 20-20 තරගාවලියක් සහ එක්දින තරගාවලියක් ඇතුළත්. මීට පෙර පැවති 20-20 තරගාවලියද දෙකට එකක් ලෙස ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

WhatsApp Group

Skip to content