දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින පකිස්තානය , රුසියාවේ සහය අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව වට්ටම් සහිතව අඩු මුදලට රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට පකිස්තානය උත්සහ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා වට කිහිපයක්ම පකිස්තාන රජය සහ රුසියාව අතර සිදු කර තිබෙනවා.

පකිස්තානය එලෙස රුසියාවේ සහය අපේක්ෂා කරන්නේ රුසියාවට එරෙහිව යුද වැදීම සදහා යුක්රේනයට සහය ලබා දෙමින් සිටින පසුබිමක් තුළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම වාර්තවලට අනුව පකිස්තානය යුක්රේනය වෙත පතරොම්, කාළතුවක්කූ ඇතුළු අවි සහ ආයුධ අළෙවි කරමින් සිටිනවා.

එම අවි ආයුද ගණුදෙනු හරහා පකිස්තානය යුක්රේනයෙන්ද මුදල් ලබා ගන්නා බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content