Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වසර අවසානය වන විට ලක්ෂ 3කට අධික පිරිසක් රැකියා සඳහා රට හැර යනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එය ඉතිහාසයේ වර්ෂයක් තුල රට හැර ගිය වැඩිම පිරිස ලෙස සටහන් වනු ඇති.

වර්තමානයේ ශ්‍රි ලංකාව මුහුණ දී ඇති අසීරුතා හමුවේ රැකියා සඳහා විදේශ ගතවීම් පසුගිය වසරට සාපේක්ෂව 136% කින් පහණ ඉහල ගොස් තිබෙනවා.

ගෙවුණු මාස 11ක කාලය තුල රැකියා සඳහා විදේශගත වී ඇති බව සංඛ්‍යාව දී 289,395ක්.

බහුතරයක් විදෙස්ගත වී ඇත්තේ කුවේට්, සෞදි ආරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන මැදපෙරදිග රටවල් සඳහායි.

දෛනිකව මෙරටින් 850ක් පමණ රැකියා සඳහා විදේශ ගත වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙනවා.

ශ්‍රමිකයින් රට හැර යාම හේතුවෙන් මෙරට ඉදිකිරීම් කර්මාන්තය ද දැඩි අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා චෝදනා කළේ රජයේ ක්‍රියා කලාපය හේතුවෙන් බොහෝ පිරිසක් රට හැර යන බවයි.

https://www.vnews.lk/storage/2022/12/SUSANTHA.mp3?_=1

මෙරට සිසුන් විදෙස්ගත අධ්‍යාපනය සඳහා රට හැර යාමත් සමග ඩොලර් බිලියන 2.5ක පමණ මුදල් විදේශ විශ්ව විද්‍යාල සඳහා ඇදී යන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන රාඝවන් මහතා අනාවරණ කළා.

https://www.vnews.lk/storage/2022/12/RAGHAWAN.mp3?_=2

මෙරට පවතින තත්ත්වය හේතුවෙන් තොරතුරු තාක්ෂණවේදීන් 10%ක් පමණ සහ වෛද්‍යවරුන් , ඉංජිනේරුවන් , බැංකු නිලධාරීන් සහ විවිධ ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් රට හැර ගොස් ඇති බවටයි අණාවරණ වන්නේ.

අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ පිළිබඳ කරුණු දක්වමින් සඳහන් කළේ යම් රජයේ පාර්ශවයෙන් යම් අඩුපාඩුවක් සිදුව ඇති බවයි.

https://www.vnews.lk/storage/2022/12/RAMESH.mp3?_=3

WhatsApp Group

Skip to content