සේවයේ නියුතු වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් 40ක් පමණ මාසිකව රට හැර යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අයදුම්පත් ඉදිරිපත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එමෙන්ම වෛද්‍යවරුන් 600 ත් 700 ත් අතර ප්‍රමාණයක් මේ වනවිට රට හැර ගොස් ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/03/HARITHA-ALUTHGE-EDIT-2.mp3?_=1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටුව මේ වන විට වසා දමා තිබෙනවා.

රෝහලේ සේවයේ නිරතව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනාම රැකියා සඳහා විදෙස් ගත වීම මීට හේතුව වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සියලු වගකීම රජය විසින් භාරගත යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කලේ.

මේ අතර මුලතිව් රෝහලේ ළමා රෝග වාට්ටුවේ කටයුතු ද මේ වන විට අඩපන වී ඇති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා කියා සිටියේ පවතින තත්වය හමුවේ ඉදිරියේදී මෙරටට වෛද්‍යවරුන් ආනයනය කිරිමට සිදුවන බවයි.

https://www.vnews.lk/storage/2023/03/CHANNA-JAYASUMANA-EDIT-2.mp3?_=2

WhatsApp Group

Skip to content