Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නුවරඑලිය – හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පවසනවා.

එම මාර්ගය අධික බැවුම් සහිත මාර්ගයක් බැවින් බර වාහන ධාවනය තාවකාලිකව නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා සහ නානුඔය පොලිසිය තමන්ගෙන් කල ඉල්ලිමක් මත මෙම පියවර ගත් බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

ඒ අනුව විකල්ප මාර්ගයක් ලෙස නානුඔය කිරිමැටිය මාර්ගය භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය සම්පුර්ණයෙන් තහනම් කිරිම සම්බන්ධයෙන් අදාල පාර්ශව සමග සාකච්ඡා කරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.

රදැල්ල ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ සිදු වූ අනතුරෙන් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් 53 දෙනෙකු තුවාල ලැබුවා.

අනතුරට ලක්ව තිබුනේ කොලඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගෙන ගිය බස් රථයක්.

අනතුරෙන් වෑන් රථයකට සහ ත්‍රිරෝද රථයකට දැඩි හානි සිදුවුනා.

තුවාල ලැබූවන් කොළඹට රැගෙන ඒමට අවශ්‍ය නම් ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටරයක් රත්මලාන කඳවුරේ සූදානම් කර ඇති බවයි ගුවන් හමුදාව පවසන්නේ.

WhatsApp Group

Skip to content