Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මැතිවරණයට නාම යෝජනා භාර දුන් රාජ්‍ය සේවකයන්ට ලබන අඟහරුවාදා දිනයේ සිට සේවයට පැමිණීමට හැකියාව පවතින බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පවසනවා.

ඊට අදාළ චක්‍රලේඛය හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින්ට අදාළව ඉදිරිපත් කළ යෝජනාවකට මින් පෙර කැබිනට් අනුමැතිය හිමි වී තිබුනා.

මෙම කැබිනට් අනුමැතියට අනුව අපේක්ෂකයන්ට තරග කරන දිස්ත්‍රික්කය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට හැකියාව පවතියි

රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වනු ලබන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද නිරීක්ෂණ සැලකිල්ලට ගනිමිනුයි එම තීරණය ගෙන ඇත්තේ.

රාජ්‍ය පරිපාලන සහ ස්වාදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content