යුක්රේනයේ බලශක්ති පද්ධතිය තවදුරටත් රුසියාවේ ඉලක්කය වී තිබෙනවා.

යුක්රේන වැසියන්ට නව අවුරුදු උදාව පිළිගැනීමට සිදුව ඇත්තේ රුසියානු මිසයිල ප්‍රහාර මාලාවක් එල්ලවෙමින් පවතින මොහොතකයි.

යුක්රේනයේ නගර රැසකට රුසියාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

කියෙව් නගරාධිපතිවරයා පවසන්නේ අගනුවර ට පිපිරීම් කිහිපයකින් හානි සිදුව ඇති බවයි.

තම වැසියන්ට අලුත් අවුරුදු උදාව අඳුරේ සිට සැමරීමට සිදුවිය හැකි බවට බුද්ධි අංශ උපුටා දක්වමින් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පෙර අනතුරු ඇඟවීම් සිදු කර තිබුනා.

WhatsApp Group

Skip to content