රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ සිදු වූ ගැටුමට සම්බන්ධ සිසුන් 54 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අවලංගු කර තිබෙනවා.

එම සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර සිසු ගැටුම පිළිබඳව රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨය මඟින්ද පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

පසුගිය නොවැම්බර් මස 26 වැනිදා එම විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබූ අතර එහිදී තුවාල ලැබූ සිසුන් 12 දෙනෙකු රෝහල්ගත කෙරුණා.

WhatsApp Group

Skip to content