Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හිටපු FBI නිලධාරියෙකු වන චාල්ස් මැක්ගොනිගල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ FBI නිව්යෝර්ක් ක්ෂේත්‍ර කාර්යාලය විසිනි.

හිටපු FBI නිලධාරියා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සංචාරයක් අවසන් කර නැවත අමෙරිකාවට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකාවෙන් සම්බාධක පනවා ඇති රුසියානු බිලියනපතියෙකු වන ඔලෙග් ඩෙරිපස්කා සමග සබඳතා පවත්වමින් සම්බාධක උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස චාල්ස් මැක්ගොනිගල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 21 වනදා ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිනි චාල්ස් මැක්ගොනිගල් මෙලෙස FBI නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංචාරයක් අවසන් කර යළි අමෙරිකාවට යමින් සිටියදීයි.

මැන්හැටන් අධිකරණයේදී ඔහුට චෝදනා හතරක් ගොනුකර තිබූ අතර පසුගිය 23 වනදා සිදු කරන ලද නඩු විභාගයේදී එම චෝදනා සියල්ලටම තමන් නිවැරදිකරු යැයි ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහිදී චාල්ස් මැක්ගොනිගල්ට අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක බැඳුම්කරයක් මත ඇප ලබාදීමටත් සංචාරක සීමා පැනවීමටත් විනිසුරුවරයා නියෝග කර ඇති අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් මුණ ගැසීමද තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

WhatsApp Group

Skip to content