ලිබියාවේ මාරාන්තික ඉස්ලාමීය රාජ්‍ය ව්‍යාපාරයක නිරත පුද්ගලයන් 23 දෙනෙකු හට මරණ දණ්ඩනය නියම කිරීමට එරට අධිකරණය කටයුතු කර තිබෙනවා.

එමෙන්ම තවත් පුද්ගලයන් 14 දෙනෙකුට ජීවිතාන්නතය දක්වා සිර දඬුවම්ද, පුද්ගලයන් 6 දෙනෙකුට වසර 10ක් දක්වා සිර දඬුවම්ද නියම කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම පුද්ගලයන් ඊජිප්තු කිතුනුවන් පිරිසකගේ හිස ගසා දැමීම සහ 2015 දී සර්ට් නගරය අත්පත් කර ගැනීම ඇතුළු මාරාන්තික ඉස්ලාමීය සටන්කාමී ව්‍යාපාරයක නිරතව ඇති අතර, ඒ අනුව මරණ දඬුවම ලබා දීම ඇතුළු දඬුම් ලබා දීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content