ලුණුගම්වෙහෙර වනෝද්‍යානය, යාල වනෝද්‍යානයේ හයවැනි කලාපය ලෙස අද දින විවෘත කිරීමට නියමිතයි.
ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටයාර එක්ලක්ෂ විසිපන්දහස් හැත්තෑවක් දක්වා ඉහළ යනු ඇති.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් ඒ ඒ ඩී ඉන්ද්‍රජිත් මහතා කියා සිටියේ යාල වනෝද්‍යානයට පවතින
දැඩි සංචාරක ආකර්ශනය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.
යාල 6 වැනි කලාපයට හෙක්ටයාර 27,185 ක් ඇතුළත් වන අතර ඌව පළාත් සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ ජලචර පක්ෂීන් රැසක් අදාළ කොටසේ දී සංචාරකයින්ට දැකබලා ගැනීමට මෙමඟින් අවස්ථාව උදාවන බවටයි.
උණුසුම් පුවත්
- සන්නස්ගලට ඇප
- නවසීලන්තය සහ පාකිස්ථානය අතර සිව්වන 20 යි 20 ක්‍රිකට් තරගය අද
- ශ්‍රී ලංකා – තායිලන්තය කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගය අද
- මෙරට ප්‍රථම ස්ටෝබෙරි වගා ආදර්ශ ගම්මානය ස්ථාපිත කෙරේ
- උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට
- සම්බන්ධන්ට නිවාඩුවක්
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයය සමග එක් නොවන බව පක්ෂ මහ ලේකම් කියයි
- කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 24,159කට සහන