ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන පේලේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බඩවැල ආශ්‍රිත පිළිකා තත්ත්වයක් හේතුවෙන් කලක සිට ඔහු අසනීප තත්ත්වයෙන් පසු වූ බවයි පේලේ ගේ පවුලේ ඥාතීන් පවසන්නේ.

බ්‍රසීලියානු හිටපු සුපිරි ක්‍රීඩකයා මියයන විට  82 වැනි වියේ පසු වුණා.

පේලේ –  1958, 1962, සහ 1970 වසරවල ලෝක කුසලාන ජයග්‍රහණ කරන අවස්ථාවල දී බ්‍රසීල පා පන්දු කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා.

2000 වර්ෂයේ දී ඔහු සියවසේ ක්‍රීඩකයා ලෙස ද නම් කෙරුනා.

පේලේ බ්‍රසීලයේ ක්‍රීඩා අමාතවරයෙකු ලෙසද කටයුතු කළා.

WhatsApp Group

Skip to content