උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සහ භාණ්ඩ සඟවන වෙළෙඳුන් සොයා පුළුල් මෙහෙයුම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පැවසුවේ, ප්‍රාදේශීය මට්ටමින් පාරිභෝගික සේවා නිලධාරීන් විසින් වෙළෙඳසැල් හිමියන් දැනුවත් කිරීම, භාණ්ඩ අලෙවිය සහ සැඟ වූ තොග ඇත්දැයි විමර්ශනය කරමින් සිටින බවයි.

ලබන සතියේ සිට මෙම කටයුතු තවදුරටත් පුළුල් කරමින් වැටලීම් සිදු කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා කියාසිටියා .

WhatsApp Group

Skip to content