සිරුර මතට වැලි කොට්ට ගොඩක් පෙරළී සිදුවූ අනතුරක් හේතුවෙන් ඌව පරණගම – කරගහඋල්පත ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අඹගස්දෝව පාසලේ 4 වන ශ්‍රේණියේ සිසුවෙක්.
මව්පියන් නිවසේ නොමැති අවස්ථාවක සෙල්ලම් කරමින් සිටියදී දරුවා අනතුරට මුහුණ දී තිබෙනවා.
මව පැමිණ – ඌව පරණගම රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් දරුවා මිය ගොස් තිබූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

WhatsApp Group

Skip to content