Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ සුළු සේවකයින් 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.
එම පිරිස රෝහල් භූමියේ කසළ ඉවත් කරමින් සිටියදී විෂ දුමාරයක් ආඝ්‍රහනය වී ඇති බවයි පැවසෙන්නේ.
රෝහලට ඇතුළුත් කළ සේවකයින් 10 දෙනාගෙන් තුන්දෙනෙකු ප්‍රතිකාර ලබා පිටවගොස් තිබෙනවා.
අනෙක් සේවකයින් 7 දෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

 

WhatsApp Group

Skip to content