ආහාර විසවූ කොග්ගල කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා දුටු තැන අල්ලන්න නියෝග

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ආහාර විෂවීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා දුටු තැන අත්අඩංගුවට ගැනීමට ගාල්ල මහේත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අදාල ආහාර සැපයුම් ආයතනයට රුපියල් 40,000ක දඩ මුදලක් නියම කර ඇති අතර එම ආයතනයේ කළමණාකරු රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැරීමටත්, සිදූවු වැරදි නිවැරදි කිරීමට අදාල පියවර ගන්නා ලෙසත් අධිකරණය නියෝග නිකුත් කල බවයි හබරාදූව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කාර්‍යාලය සඳහන් කළේ.
නව අවුරුදු උදාව නිමිත්තෙන් පසුහිය දෙවනදා කොග්ගල වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක දිවා සාදයක් සංවිධානය කොට තිබූ අතර එහි දී ආහාර ලබා ගන්නා ලද පිරිස අතරින් තුන්සියයකට අධික පිරිසකට ආහාර විෂවීමකට ලක්ව රෝහල් ගත කෙරුණා
අදාල නඩුව කැඳවූ අවස්ථාවේ එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරන ගල්මන්ගොඩ ගුරුගේ ගයත් චන්ද්‍රකුමාර නමැත්තා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content