Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා තේ මණ්ඩලය 2020 වර්ෂයේදී කෝටි 741 ක මුදලක් අදාල අමාත්‍යවරයාගේ හෝ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගෙන ස්ථාවර හා කෙටි කාලීන තැන්පතුවල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක් මගින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර පනතේ විධිවිධාන ප්‍රකාරව සෙස් බදු තේ මණ්ඩලයේ අරමුදලක බැර කළ යුතු නමුත් එම විධිවිධානවලට අනුගත නොවී මහ භාණ්ඩාගාරයට බැර කර තිබුණු බව නිරීක්ෂණය වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ප්‍රචාරණ වෘත්තිය උපදේශකවරයකු වශයෙන් හිටපු අධ්‍යක්ෂ වරයකු බඳවා ගෙන දීමනා වශයෙන් රුපියල් දහ අට ලක්ෂයකට වැඩි මුදලක් 2020 වර්ෂයේදී ගෙවා තිබූ බව පවසන එම කාර්යාලය අනුමත බඳවා ගැනීමේ පටිපාටිය තුළ හෝ වෙනත් චක්‍රලේඛයක කිසිදු විධි විධානයක් නොතිබියදී අධ්‍යක්ෂ මණ්ඩලය මොහු මෙලෙස සේවයට බඳවා ගෙන තිබූ බවද ජාතික විගණන කාර්යාලය අවධාරණය කර සිටියා.

WhatsApp Group

Skip to content