විදුලි බිල වැඩි කිරිමේ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව ඉහල දැමීමට යෝජනාකර තිබෙනවා.

මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා ඉහල දැමීමට යෝජනා කර ඇති බව වාර්තා වනවා.

විදුලිබල මණ්ඩලය විසින් එම විදුලි ගාස්තු සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා.

ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට රුපියල් 10ක් අය කරන අතර එය රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් නියමිතයි.

එමන්ම 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අයකරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට අදාළව එක් ඒකකයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමටත් තීරණය කර ඇති බව සදහන්.

එමෙන්ම ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයටද දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගැනීමටත් යෝජනා කර තිබෙනවා.

මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ගෙන් එන කිසිඳු යෝජනාවක් සැළකිල්ල නොගන්නා බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීමිසාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය,යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වන බවයි.

කොළඹදී ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ඒ බව සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/01/JANKA-RATHNAYAKA-EDIT-01-.mp3?_=1

මේ සමබන්ධයෙන් වැඩිදුරටත් අදහස් පල කල මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා.

https://www.vnews.lk/storage/2023/01/JANKA-RATHNAYAKA-EDIT-02-.mp3?_=2

මේ අතර අද දිනයේ ඒ සිට ඩබ්ලිව් දක්වා කලාපවලට පැය 2යි මිනිත්තු 20ක විදුලිය කප්පාදුවකට අවසර ලබාදි තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ, දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු කරන බවයි .

WhatsApp Group

Skip to content