Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලිබිල වැඩි කිරීමේ තීරණයට එරෙහිව අද දහවල් දොළහේ සිට පස්වරු දෙක දක්වා රට පුරා සියලු විදුලි ඉංජිනේරු කාර්යාල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාල සහ විදුලි බලාගාර ඉදිරිපිට විරෝධතා මාලාවක් පැවැත්වීමට ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානය තීරණය කර තිබෙනවා.

එහි කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ ප්‍රධාන විරෝධතා උද්ඝෝෂණය කොළඹ – කොටුව ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට දී පැවැත්වෙන බවයි.

මේ අතර විදුල බිල වැඩි කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා නොදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක යළි අවධාරණය කරනවා.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට මහජන උපයෝගිතා කොමිසමේදී එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ස්වාධීන ආයතනයක් වන මහජන උපයෝගිතා කොමිසමට මේ වන විට විවිධ දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බවද එහි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/01/JANAKA-RATHNAYAKE-EDIT.mp3?_=1

මේ අතර විදුලි බිල යළිත් වරක් වැඩි කිරීමට අනුමැතිය ඉල්ලා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අනුව එම ඉල්ලීම පිළිබඳ තීන්දුව ගැනීම ලබන සතියේ කැබිනට් රැස්වීම දක්වා කල් තබා ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content