විදේශීය ශ්‍රම වෙළෙඳපොළට ගුණාත්මක ශ්‍රමිකයින් යොමු කිරිමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

විදේශීය ශ්‍රම වෙළෙඳපොළට ගුණාත්මක ශ්‍රමිකයින් යොමු කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රමිකයින් පුහුණු කිරිමේ ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරිම කෙරෙහි රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ අනුකමිටුවේ අවධානය යොමු වුණා.

ඒ රජයේ ගිණුම් පිළිබද කාරක සභා අනු කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේදියි.

ගුණාත්මක භාවයෙන් සහ නිපුණතාවයෙන් යුතු සංක්‍රමණික ශ්‍රමිකයන් විදෙස් රැකියා සදහා යොමු කිරීම හා ඊට සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් අන්තර් අමාත්‍යාංශ කමිටුව සකස් කළ පුහුණු වැඩසටහන සමාලෝචනය කිරීම මෙහිදි සිදුවුණා.

මෙරට ජාතික වෘත්තිය සුදුසුකම් වෙනත් රටවල් සමග සමපාත වීම පිළිබද අධ්‍යයන කිරිමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

WhatsApp Group

Skip to content