Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබුණු සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් අද නැවත ආරම්භ කෙරෙනවා.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා .

පැවති අයපහත් කාලගුණ තත්ත්වය මත පසුගිය සිකුරාදා රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කලා .

මේ අතර පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරමින් උපකාරක පන්ති පැවැත්වීම ලබන 14 මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ශිෂ්‍යත්ව විභාගය මේ මස 18 වනදා පැවැත්වෙන බැවින් එය අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.

එදින සිට ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම, එම පන්ති මෙහෙයවීම, විභාගයට අදාළ සියලු සම්මන්ත්‍රණ, දේශන, වැඩමුළු පැවැත්වීම, විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම තහනම් වනවා .

WhatsApp Group

Skip to content