සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන මාර්තු 18 වනදා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, එදින පෙරවරු 9.00 සිට පස්වරු 12.10 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,269 දී විභාගය පැවැත්වෙන බවයි.

ඒ අනුව විභාග ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය හරහා පෞද්ගලිකව බාගත කළ නොහැකි වන අතර තම පාසැල් මඟින් එම කාර්ය සිදුකළ යුතු වනවා.

එමෙන්ම අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය, ජාතික හැඳුනුම්පත් අංක, ස්ත්‍රී/පුරුෂ සංශෝධන එම වෙබ් අඩවිය තුළින්ම විදුහල්පතිවරුන්ගේ සහාය මත සිදුකළ යුතු බව සඳහන්.

කෙසේ වෙතත් අදාළ සංශෝධන ලබන 12 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන අතර සංශෝධන දින නැවත දීර්ඝ නොකරන බවයි විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content