Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනාධිපතිවරයා සමග විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා ඇති සාකච්ඡාව ලබන සතියේදී ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.

කෙසේ වෙතත්, සාකච්ඡාව ලබා දෙනතුරු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව දියත් කරන බවයි එම සම්ලනයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගරත්න සඳහන් කළේ.

පසුගිය පෙබරවාරි 17 වනදා උසස් පෙළ විභාගය අවසන් වූ අතර, මේ දක්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතුවලට එක්වී නැහැ. ඒ රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින්.

මේ අතර, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන්ට මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර යොමුකිරීමට ලබාදී තිබූ කාලය හෙට මධ්‍යම රාත්‍රීය තෙක් දීර්ඝ කර තිබෙනවා. එය අද දිනයෙන් අවසන් වීමටයි නියමිතව තිබුණේ.

WhatsApp Group

Skip to content