ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 69 වන වියේ පසු වූ බාලා, අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අක්මාවේ ඇති වූ ආබාධයක් හේතුවෙන් චෙන්නායි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය දින 15ක පමණ සිට නිවසේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු චිත්‍රපටි 40ක්, රූපවාහිනී ටෙලිනාට්‍ය 16ක්, රූපවාහිනී චිත්‍රපට 3ක් අධ්‍යක්ෂණය කර ඇති අතර චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content