කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම් කිරීමට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වෙනවා.

ඊට සහභාගී වූ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවයි තලේබාන් සංවිධානය පැවසුවේ.

මාධ්‍යවේදීන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තකාර් පළාතේ ද විරෝධතා ක්‍රියාත්මකයි.

පසුගිය වසරේ තලෙයිබාන් සංවිධානය යළි බලයට පත්වීමෙන් පසු කාන්තා අධ්‍යාපනය සීමා කිරීමේ නවතම ප්‍රතිපත්තිය ලෙස කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කරමින් පැනවූ වාරණයට එරෙහිව සිය ගණනක් කාන්තාවන් විශ්ව විද්‍යාල පරිශ්‍රවලට ඇතුළු වීම ට උත්සහ දරා තිබෙනවා.

තලේබාන් උසස් අධ්‍යාපන අමාත්‍ය නෙඩා මොහොමඩ් නදීම් රාජ්‍ය රූපවාහිනියෙන් කියා සිටියේ ඇඳුම් පැළඳුම් සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කර ඇති බවයි.

ඊට එරෙහිව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් 50ක් පමණ සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

WhatsApp Group

Skip to content