හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල මටුකැලේ වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය අභියස පිහිටි විශාල මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

ප්‍රධාන මාර්ගය හරහා ගස කඩා වැටි ඇති ස්ථානයෙන් සැහැල්ලු වාහන වලට පමණක් ධාවනය කල හැකි බවත්, ගස කපා ඉවත් කරන තෙක් එම මාර්ගයේ බර වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බවයි ලිදුල පොලිසිය කියා සිටියේ.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගසෙහි සහ ඒ අසල පිහිටි මාර ගස් කිහිපයකම බඹරුන් කුඩු බැද ඇති බවත්, ගස කඩා වැටිමත් සමග බඹරුන් ඇවිස්සි ඇති නිසා ගස කපා ඉවත් කිරිමට බාධා පැමිණ ඇති බවත් තව දුරටත් පැවසුවා.

 

 

WhatsApp Group

Skip to content