මුල්ලේරියාව ප්‍රදේශයේ විහාරස්ථානයකින් රුපියල් ලක්ෂ 5කට ආසන්න විටිනාකමකින් යුතු පිත්තල භාණ්ඩ සොරා ගැනීමට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පිත්තලෙන් නිර්මාණය කරන ලද ශිව දේව පිළිමයක් , කතරගම දේව ප්‍රතිමාවක් සහ කුඩා චෛත්‍යයක අනුරුවන් මොහු විසින් සොරාගෙන ඇති බව පොලිසිය සදහන් කළා.

සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

ඔහුව අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content