පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහාරන් හසීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි අප කොන්දේසි මත නිදහස් කිරිමට කල්මුණේ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඇය වසර හතරක පමණ කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබාගෙන සිටියා.

ඒ ෆාතිමා හාදියාට එරෙහිව නඩුව කල්මුණේ මහ අධිකරණයේදී අද(15) විභාගයට ගත් අවස්ථාවේදීයි.

සැකකාර කාන්තාව රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසයි අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

එසේම ඇපකරුවන්ට සහ සහරාන් හසීම්ගේ බිරිය වන ෆාතිමා හාදියා හට විදේශගත වීම තහනම් කරමින්ද නියෝගක් අධිකරණය නිකුත් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content