Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මහබාගේ මත්තුමගල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.
ඒ අපරාධයට පැමිණි පිරිස රැගෙන ආ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ නිවසේ සිටි පුද්ගලයෙකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සහා දරා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
නමුත් එම අවස්ථාවේදී ගිනි අවියේ මැගසින් කොටස අවියෙන් ගැලවී බිම වැටී ඇති අතර එම අවස්ථාවේ නිවැසියා වෙඩික්කරු සමග පොරබදා ඇති බව සඳහන්.
එම අවස්ථාවේ වෙඩික්කරු යතුරුපැදියේ නැගී පළාගොස් තිබෙනවා.
පොරබැදීමෙන් සුළු තුවාල ලැබූ නිවැසියා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

 

WhatsApp Group

Skip to content