වෙලේවැව සමෘද්ධි බැංකු ශාකාවේ රුපියල් ලක්ෂ 450ක අධික මුදල් වංචා කළ
බව කියන සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන
ඒකකය පරීක්ෂන පවත්වනු ලබනවා.

අදාළ සිද්ධියට සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන් අතර එම බැංකු ශාකාවේ හිටපු ප්‍රධාන කළමණාකරුවන්, මුල්‍ය අයකැමි
ඇතුළු පිරිසක් වන බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 25 වනදා දක්වා රක්ෂිත
බන්ධනාගාර ගතකර තිබෙනවා.

WhatsApp Group

Skip to content