Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු හෙට දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා රැගෙන ඒම සඳහා පොලිස් නිළධාරීන් සිව්දෙනෙකු පසුගියදා කටුනායක ගුවන් තොටුපළෙන් මැඩගස්කරය බලා පිටත්ව ගියා.

හරක් කටා සහ කුඩු සළිදු දිවයිනට රැගෙන ඒමේදී මැඩගස්කරයේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණීමට නියමිතයි.

සැකකරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍යයක් පසුගිය 07 වනදා පළමුව වාර්තා කර තිබුණා.

අත්අඩංගුවට ගත් පිරිස අතර හරක් කටාගේ බිරිඳ යැයි පැවසෙන මැලේසියානු ජාතික කාන්තාවක් ද සිටින බව විදෙස් මාධ්‍යයේ වාර්තා කර තිබුණා.

එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ ඇය සන්තකයේ තිබී එරට මුදලින් මිලියන 38 කට අධික මුදලක් බලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 05 දෙනෙකු පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරය වෙත පැමිණ ඇති බව ද සඳහන්.

සැකකරුවන් ඩුබායි රාජ්‍යයේ සිට මැඩගස්කරය බලා යාමට උත්සහ දරා ඇත්තේ මැණික් ව්‍යාපාර සඳහා යන බව පවසමින් බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content