දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා.

ඊට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ පුහුණුකරුවන් හා නිලධාරීන් 10 දෙනෙකු ඇතුලත්.

අලුයම 02.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ යානයකින් පිරිස ඩුබායි හරහා දකුණු අප්‍රිකාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ” ඒ ” කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.

මෙහි පළමු තරගය සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමග එළඹෙන 10 දින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content