ගුරු සේවයට සෘජුවම සම්බන්ධ අධ්‍යාපනවේදී උපාධිය ලැබූ බොහෝ පිරිසක් රැකියා නොමැතිව නිවෙස්වල සිටින බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගෙන් ප්‍රශ්න කළා.

බොහෝ පාසල්වල පුරප්පාඩු පැවතිය ද තවමත් ඒ සඳහා උපාධිධාරීන් අනියුක්ත නොකරන්නේ ඇයි දැයි විපක්ෂනායකවරයා විසින් විමසා සිටියා.

https://www.vnews.lk/storage/2022/12/SAJITH-PRAMADASA-EDIT.mp3?_=1

අධ්‍යාපනවේදී උපාධිය විශ්වවිද්‍යාල කිහිපයකින් පිරිනමනු ලබනවා.

මේ අනුව එලෙස උපාධිය ලබාගත් උපාධිධාරීන් සියලුදෙනාටම පළාත් නවයම ආවරණය වන පරිදි දීපව්‍යාප්තව පවත්වනු ලබන විභාගයකින් අනතුරුව රැකියා අවස්ථාව ලබාදෙනු ඇති බවටයි අධ්‍යාපන අමාත්‍යවරයා විපක්ෂනායකවරයා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2022/12/SUSIL-PRAMAJANTHA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content