ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම ඇතුලු කාණ්ඩ කිහිපයකට අදාළ වීසා ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ලබාදෙන ගාස්තුව රුපියල් තුන්ලක්ෂ 45 දහසේ සිට අමෙරිකානු ඩොලර් 2000 දක්වා ඉහළ නංවා ඇති බවයි.

ඒ අනුව එය රුපියල් හත්ලක්ෂය ඉක්ම වූ අගයක් වනවා.

මේ අතර පුරවැසි පනත යටතේ නිකුත් කරන ලද සහතික පිටපත් ගාස්තුවද රුපියල් 1150 සිට රුපියල් 2000 දක්වා සංශෝධනය කර ඇති අතර නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමය වීසා වැඩසටහන යටතේ වීසා නිකුත් කිරීම අමෙරිකානු ඩොලර් 200 දක්වා වැඩි කර තිබෙනවා.

එමෙන්ම පසුගියදා තීරණය කළේ තවත් කාණ්ඩ කිහිපයක් යටතේ වීසා ගාස්තු ඉහළ නැංවීමටයි.

WhatsApp Group

Skip to content