සමෘද්ධි සහ ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව ලබාදීම සඳහා අවශ්‍ය නීතිමය තත්ත්වය සැකසීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති හෙයින් ඊට අදාළ කටයුතු කඩිනමින් සිදුකරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන පිළිබඳ අමාත්‍යංශයීය උපදේශන කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී.

 

WhatsApp Group

Skip to content