ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලියේ අවසන් මහා තරගය අද කොළඹ බී.ආර්.සී. පිටියේදී පැවැත්වෙනවා.

හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් පිල හා නිලක්ෂී ද සිල්වාගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් පිල අතරයි අවසන් මහා තරගය පැවැත්වෙන්නේ.

ශ්‍රී ලංකා කිකට් ආයතනය පළමු වරට සංවිධානය කළ මෙම කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට ශූරතා කුසලානය සමග මුදලිලන් ලක්ෂ හතහමාරක් පිරිනැමෙනු ඇති.

මෙම තරගාවලිය පුරා අණසක පැතිර වූ ග්‍රේස් පිල විසින් බ්ලූස් පිල ලකුණු 124කින්, රෙඩ්ස් පිල කඩුලු 3කින් හා ග්‍රීන්පිල ලකුණු 46කින් පරාජය කොට අපරාජිත තත්ත්වයේ පසුවනවා.

ග්‍රේස් පිලට පමණක් දෙවැනි වූ රෙඩ්ස් පිල මෙම තරගාවලියේදී ග්‍රීන් පිල කඩුලු 8කින් හා බ්ලූස් පිල කඩුලු 3කින් පරාජය කොට ග්‍රේස් පිලට අභියෝගයක් ලබාදිය හැකි මට්ටමකයි ඇත්තේ.

තරගාවලියේ අනුශූරතාව සඳහා මුදලින් රුපියල් ලක්ෂ 5 ක්ද තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා මුදලින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක්ද පිරිනැමීමට නියමිතයි.

තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය සහ පන්දු යවන්නිය වෙනුවෙන් රුපියල් ලක්ෂ බැගින්ද, අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා මුදලින් රුපියල් හැත්තෑපන්දහසක මුදක්ද පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content