Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට සම්බාධක පනවමින් කැනඩාව ගත් පියවර අනෙකුත් රජයන් අනුගමනය කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා මීනාක්ෂි ගංගුලි මහත්මිය පවසනවා.

කැනේඩියානු රජය පසුගිය දා හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනාට මෙන්ම හිටපු හමුදා සෙබළෙකුට ද සම්බාධක පැනවීමට කටයුතු කළා.

අදාළ තීරණය මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා යම් කිසි රටක් විසින් ගනු ලැබූ බලගතු තීරණයක් ලෙසයි ඇය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව ලොව අනෙකුත් ප්‍රධාන පෙලේ රටවල් ද එවැනි ක්‍රියාමාර්ග ගත යුතු බවටයි ඇය වැඩි දුරටත් අවධාරණය කර සිටියේ.

මෙම වාරණය පනවමින් කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි පැවසුවේ කැනඩාව ජාත්‍යන්තර නීතිය කඩකරන්නන්ට එරෙහිව ජාත්‍යන්තර දණ්ඩ මුක්තිය අවසන් කිරීමට තීරණාත්මක ක්‍රියා මාර්ගයක් ගෙන ඇති බවයි.

එමෙන්ම මෙම පියවරයන්ට වාරණ පැනවූ පුද්ගලයන් හට කැනඩාවට සංචාරක තහනමක් පැනවීමට අමතරව ඔවුන් සතුව කැනඩාවේ යම් කිසි වත්කමක් ඇත්නම් ඒවා අත්හිටුවීමට බලය ලැබෙනු ඇති බව ද සඳහන්.

WhatsApp Group

Skip to content