Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සරසවි සඳහා සුදුසුකම් ලැබූ සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන සතියේ ආරම්භ කෙරෙන බව එම කොමිසම පවසනවා.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ එම ලියාපදිංචි කිරීමේ කටයුතු සති දෙකක කාලයක් තුළ දී අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙවර විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබු පාඨමාලා පිළිබඳ සිසුන් මේ වන විටත් දැනුවත් කර තිබෙනවා.

පසුගිය වසරේ පැවැති උසස් පෙළ විභාගයෙන් සමත් වූ සිසුන් සඳහා කඩඉම් ලකුණු පසුගිය 02 වනදා නිකුත් කරනු ලැබුවා.

ජනවාරි මාසයේ සිට ක්‍රමානුකූලව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ කටයුතු කඩිනමින් සිදුකරන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content