අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා සුදු වෑන් නඩුවේ සාක්ෂිකරුවකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කර තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරහෙන යාම පිළිබදව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කරන ලදැයි චෝදනා කර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූමි යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

එම නඩුවේ පළමු සාක්ෂිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ තම සේවාදායකයාට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙන බවයි.

එයට පිළිතුරු දුන් විනිසුරුවරයා ප්‍රකාශ කළේ සාක්ෂිකරු අධිකරණයට පැමිණීම සඳහා බලාපොරොත්තු වන්නේ කුමනාකාරයේ ආරක්ෂාවක් ද යන්නයි.

ඒ සඳහා නීතිඥවරයා නිසි පිළිතුරක් නොදුන් බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content