සංචාරක දකුණු අප්‍රිකාණු ඒ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය දැන් පැවැත්වෙනවා. ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදීයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 17 2ක් පමණයි. සහන් ආරච්චිගේ ලකුණු 63 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 175 ක් ලබා තරගය ජයග්‍රහණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි නිල නොවන එක්දින තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම ජයගත්තා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 12 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content