Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා .

මාර්තු මස 09 වන දාට පෙර අදාළ පෙත්සම සලකා බැලීම සඳහා කැඳවන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කළ ඉල්ලීමකට අනුව එම නියෝග ලබා දී ඇති බව සදහන් .

එස් තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම අද කැඳවනු ලැබුවා.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැවති දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂව දැක්වූ අදහස් කිහිපයක් දැන්.

https://www.vnews.lk/storage/2023/02/MIX-EDIT-1-17.mp3?_=1

WhatsApp Group

Skip to content