මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කරුවකු වන මිදිගම නදුන් චින්තක නොහොත් හරක් කටාගේ සමීපතමයකු ලෙස සැලකෙන පැලෑන පොඩි නුවන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරු ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගත් බව කොක්මාදුව පොලිසිය පවසනවා.

කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් .

එම නිලධාරීන් අහංගම පොලිස් වසමේ කහඳ ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරස්ථානය අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3200 ක් සහ මුදලින් රුපියල් 35 000 ක් සහ ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගත් බවයි කොක්මාදුව පොලිසිය පවසන්නේ .

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අහංගම පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.

WhatsApp Group

Skip to content