ඉන්දියාව වෙත පසුගිය වසරේ සිදු කළ බොරතෙල් අලෙවිය විසි ගුණයකින් ඉහළ ගොස් ඇතැයි රුසියාව පවසනවා.

රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් සදහන් කර ඇත්තේ යුරෝපානු ගැනුම්කරුවන් වෙනත් වෙළදපොලවල් කරා යොමු වීම හේතුවෙන් ඉන්දියාව වෙත සිදු කෙරෙන බොරතෙල් සැපයුම ඉහළ නැංවූ බවයි.

මේ අතර ඉන්දියාවට අමතරව චීනයට ද රුසියාවෙන් සිදු කරන තෙල් සැපයුම ඉහළ ගොස් තිබෙනවා.

රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් බටහිර සහ යුරෝපානු රටවල් රුසියාවේ තෙල් සදහා සීමා පනවනු ලැබුවා.

කෙසේ වෙතත් එම පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් රුසියාව ඉන්දියාව වෙත සිදු කරන තෙල් සැපයුම ඉහළ නැංවූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එමෙන්ම විශේෂ වට්ටම් යටතේ අඩු මිලකට රුසියාව ඉන්දියාව වෙත තෙල් සපයනු ලබනවා.

WhatsApp Group

Skip to content