Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ට එරට අපරාධ අධිකරණය වසර 11ක සිරදඬුවමක් නියම කර තිබෙනවා .

එම තීන්දුව ලබාදුන්නේ මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු වීමෙන් අනතුරුවයි .

සිරදඬුවමට අමතරව යමීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් ද නියම කර ඇති බව සදහන් .
කෙසේ නමුත් යමීන් මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබෙනවා .

රජයේ අරමුදලකින් මුදල් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් යටතේ 2019 වසරේදීත් යමීන් වරදකරු වූ අතර එහිදීත් වසර 5ක සිරදඬුවම් සහ දඩයක් නියම කෙරුණා .

2020 වසරේදී නිවාස අඩස්සියට පත් හිටපු ජනාධිපති යමීන්, ඉන් නිදහස ලැබුවේ මාස කිහිපයකින් පසුවයි .

WhatsApp Group

Skip to content